පසුගියදා වැඩි ඡන්ද 03කින් පරාජයට පත්වූ කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, දෙවැනි වර ඡන්ද විමසීම සඳහා ලබන බදාදා (31දා) ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය 18 වැනිදා නගරාධිපතිනි වායි කැලී බල්තසාර් විසින් ඉදිරිපත් කරන ලද මෙම අයවැය ලේඛනය, එදින රාත්රී 10.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී පරාජයට පත් විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 60ක් හිමි විය.
නීතිමය ප්රතිපාදන අනුව පරාජයට පත් වූ අයවැයක් දෙවැනි වරට ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බැවින්, ලබන 31 වැනිදා පෙරවරු 10.00ට යළිත් සභාව රැස්වීමට නියමිතය.
එහිදී මෙම අයවැය ලේඛනය සම්මත කරගැනීමට පාලක පක්ෂය සමත් වේද නැතහොත් විපක්ෂය යළිත් එය පරාජය කරනු ඇත්ද යන්න පිළිබඳව දේශපාලන කරළියේ දැඩි අවධානයක් යොමුව පවතී.

