කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පසුගිය 18 වැනිදා කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්වුණා.
එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.

