ජිප්සම් ප්ලාස්ටර් බෝඩ් (Gypsum standard plaster boards) ලෙස හඟවමින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කහ සහ කජු තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.

රේගු නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ මහනුවර, පන්විල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් මෙම භාණ්ඩ තොගය මෙරටට ආනයනය කර ඇති බවයි.

බාහිරින් බලන විට සාමාන්‍ය ජිප්සම් බෝඩ් ලෙස පෙනෙන අයුරින් අසුරා තිබූ මෙම භාණ්ඩ තොගය තුළ රේගුවට ප්‍රකාශ නොකළ භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබී හමුවූ බවයි රේගුව සඳහන් කළේ,

ඒ අනුව, අදාළ ජිප්සම් බෝඩ් කපා ඒවා තුළ සඟවා තිබියදී කහ කැබලි (Turmeric fingers) කිලෝග්‍රෑම් 16,000ක්, වේලන ලද කජු කිලෝග්‍රෑම් 1,150ක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version