පසුගිය 10 වනදා සිට ගතවූ දින 3 තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රු. 163,291,065 ක ආදායමක් උපයා තිබෙනවා.

එම දින 3 තුළදී රථවාහන 434,338 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති අතර, වැඩිම ආදායමක් සහ රථවාහන සංඛ්‍යාවක් ධාවනය කර ඇත්තේ පසුගිය 10 වනදායි.

එම සංඛ්‍යාව පිළිවෙළින් 59,815,450 ක් සහ 161,847 ක් වනවා.

විශේෂයෙන්ම උත්සව සමය හේතුවෙන් වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීම මෙම ආදායම් වැඩිවීමට හේතු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

අධිවේගී මාර්ග භාවිතය ඉහළ යාමත් සමඟ ප්‍රධාන පිවිසුම් හා පිටවීමේ ස්ථානවල ගමනාගමනය තදබදයක්ද නිරීක්ෂණය වූ බව වාර්තා වේ.

#newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcelocalnews#newsforcesrilanka#newsforcepolitical#newsforcesportnews

Share.
Leave A Reply

Exit mobile version