අළුත් අවුරුද්දට ගම් බිම් කරා ගමන් කළ ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා.

ඒ, අද (18) සහ හෙට (19) යන දිනයන් දෙක සඳහායි.

ඒ අනුව, අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය වන සාමාන්‍ය දුම්රියන්වලට අමතරව මෙලෙස විශේෂ දුම්රියන් ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version