ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරනවා.ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද(09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල්, මැයි,ජුනි මාසවලදී පමණක් ගල් අඟුරු වංචාවෙන් රුපියල් කෝටි 2500කට අධික අලාභයක් සිදුවන බවට ගණන් බලා ඇති බවයි.

මෙම අලාභය ජනවාරියේ සිට ගණන් බලා සමස්ත පාඩුව විමර්ශනය කළ විට එය රුපියල් කෝටි දස දහස ඉක්මව බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.

” විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා,අමතර ගල් අඟුරු සඳහා පමණක් රුපියල් කෝටි 220ක් වැය වෙනවා කියලා.ඊට අමතරව එම වාර්තාවේ තිබෙනවා,

ගල් අඟුරු නැව් නමයෙන් යුනිට් මිලියන 141ක් අහිමි වෙනවා කියලා.එතකොට මේ යුනිට් මිලියන 141නිෂ්පාදනය කරන්න වෙන්නේ ඩීසල්වලින්.දැන් ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා.

එතකොට ඩීසල්වලින් මේ අවස්ථාවේදී යුනිට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 125ක් වැය වෙනවා.එම යුනිට් ගණන යුනිට් මිලියන 141න් වැඩිවුණාම ඒ සඳහා පමණක් රුපියල් බිලියන 11 කට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා.

ජුනි මාසයේදී අනිවාර්යෙන්ම ගල් අඟුරු හිඟයක් එනවා.එතකොට නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගා වොට් 900මදුවන්න වෙන්නේ ඩීසල් වලින්.එතකොට විදුලි කප්පාදුවකුත් සිදු කරන්න වෙනවා.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා අපි මුල ඉඳලම කිව්වා.නමුත් ජනාධිපතිවරයා,බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ඇතුළු ආණ්ඩුව ඒක වහන්න තමයි හැමවිටම කටයුතු කළේ.

මෙම ගල් අඟුරු මගඩිය වහන්න ආණ්ඩුව ලබැඳියාවන් 7ක් ඔස්සේ කටයුතු කරලා තියෙනවා.

නව විගනකාධිපතිවරයගේ වාර්තාවෙනුත් කියන්නේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා.”

#newsforcelk#newsforcelklive#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews#newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version