ගල් අඟුරු ආනයනයට අදාළව සිදුව ඇති බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත්, ඒවා පරීක්ෂණ සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මේ වනවිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට පියවර ගත් අතර, ඊට අදාළව මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවා.
අතීතයේ සිට ගල් අඟුරු මිලදී ගැනීමේදී සහ බෙදා හැරීමේදී සිදුව ඇතැයි සැක කෙරෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.


