ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්යාව මේ වනවිට 2050 දක්වා වැඩි වි ඇති අතර මෙම තත්ත්වය නිසා රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලය ගැටලු රැසකට ලක්ව ඇති බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම රැඳවියන් අතර කාන්තා රැඳවියන් 110ක් පමණ සිටින බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි. ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවිය හැක්කේ තුන්සියයකට වැඩි පිරිසක් වන අතර බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්යාට වැඩිවීම නිසා එම රැඳවියන්ට අවශ්ය ජලය, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ දී බන්ධනාගාර කාර්ය මණ්ඩල නිලධාරීහු ගැටලු රැසකට් ලක්ව සිටිති.
ගාල්ල බන්ධනාගාරය තුළ පටතින රැඳවියන්ගේ තදබදය දැනට වසර ගණනාවක සිට ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්චිම්වලදී කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇතත් මේ වනතෙක් මෙම ගැටලුවට විසඳුම් ලැබී නැත.
ගාල්ල බන්ධනාගාරය . එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට ගෙන යන බවට ද පසුගිය කාලයේ කතාබහට ලක්ව තිබුණි.
මීට වසර ගණනාටකට පෙර ඈෂ්ලි ඩිවෝස් මහතා විසින් ඉදිරිපත් කොට තිබුණු ගාල්ල නගර සංවර්ධන සැලැස්මේ ගාල්ල බන්ධනාගාරය පටත්වාගෙන යන ගොඩනැඟිල්ල හෝලයක් බවට පත්කිරිමට සැලසුම් කොට තිබුණි. දැනට දශක දෙකකටත් වඩා වැඩි කාලයක සිට ගාල්ල බන්ධනාගාරය තුළ පවතින රැඳවියන්ගේ ගැටලුවට මේ වනතෙක් ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැත.

