ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 9 ක්, පතොරම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

සැකකරු 43 හැවිරිදි වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මුල්ලේරියාව #අයිස්මත්ද්‍රව්‍ය #ගිනිඅවිය #පොලීසිය #අත්අඩංගුව #බස්නාහිරපළාත #අපරාධකොට්ඨාසය #නිලධාරීන් #පිස්තෝල #සැකකරු

Share.
Leave A Reply

Exit mobile version