මඩකලපුව, චෙන්කලඩි – බදුල්ල මාර්ග හන්දියේ පිහිටි ප්‍රසිද්ධ සිල්ලර වෙළඳසැලකට අද (10) අලුයම ඇතුළු වූ සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ මංකොල්ලකා පලාගොස් තිබෙනවා.

ව්‍යාපාරික ආයතනයේ හිමිකරු විසින් පොලිසියට ලබාදුන් තොරතුරුවලට අනුව, මුදලින් රුපියල් මිලියන 4.5ක්, රන් රාත්තල් 5ක් පමණ සහ වෙළඳසැලේ තිබූ අනෙකුත් වටිනා භාණ්ඩ සහ උපකරණ ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ .

මෙම මංකොල්ලය ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇති බවත්, කොල්ලකරුවන් තමන්ව හඳුනා ගැනීම වැළැක්වීම සඳහා වෙළඳසැලේ සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරාවලට හානි කර ඇති අතර, එහි දර්ශන පටිගත වන උපකරණ ද රැගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version