මහා සංඝරත්නයට අපහාස කිරීමට හෝ බුදු සසුනට නිගරු කිරීමට කිසිදු පාලකයෙකුට ඉඩ නොදෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ අනුව පක්ෂ, පාට, කුල හෝ නිකාය භේදයකින් තොරව මෙවැනි අවස්ථාවක සියලු දෙනා එක් විය යුතු බවයි අද (20) බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන සඟ සමුළුව අමතමින් උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක තමා හොඳ බෞද්ධයකු යැයි පවසන්නේ නම්, තම කැබිනට් මණ්ඩලයේ සිටින සාමාජිකයන් සංඝරත්නයට සිදු කරන අපහාසාත්මක ප්‍රකාශ වහාම නතර කිරීමට තම විධායක බලය පාවිච්චි කළ යුතු බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියා.

මෙම සඟ සමුළුවේ අරමුණ වන්නේ ආණ්ඩු පෙරළීම නොව, මහා සංඝරත්නයට සිදු කරන අපහාස හා නින්දාවලට එරෙහිව හඬ නැගීම බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version