අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඊයේ (20) ජලය පිරී තිබූ වලකට වැටී දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අරලගංවිල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02 ක් වූ කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

