ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් ව සිටියා.
ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම මෙහිදී සිදු වුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වෙනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ, 1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුවද, එම ගමන තවමත් අවසන් වී නොමැති අතර නව රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බවයි.
ඒ අනුව, වසරකට ලාදුරු රෝගීන් 1500 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10%ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත්, රෝගය පැතිර යාමට හේතු වන රෝගින් කල්තියා හඳුනා ගැනීම, රෝහල් පද්ධතිය මගින් රෝගින්ට ලබා දෙන ප්‍රතිකාර සහ පහසුකම් වැඩිදියුණු කිරිම, ආබාධිතතත්ත්වයට පත් වූවන් වෙනුවෙන් විධිමත් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කෙරෙන බවත්, මෙම සමුළුව මගින් ලාදුරු රෝගය පැතිර යාමට තිතතැබීමේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ලාදුරු #රෝගය #ශ්‍රීලංකාව #සමුළුව #සෞඛ්‍ය #WHO #ජනාධිපති #කොළඹ #සෞඛ්‍යඅමාත්‍ය #2035


