කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබී පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිසි අධිකාරි එෆ්. යු වුට්ලර් පවසනවා.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම වෙඩි තැබීම පාතාල කණ්ඩායම් අතර ගැටුමක් ද, පෞද්ගලික ආරවුලක් ද සහ ව්‍යපාරික ආරවුලක් ද යන්න සොයා බැලීමට මේ වනවිට කටයුතු කරන බවයි.
වෙඩි තැබීමට පැමිණි පිරිස සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය සෙවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළා.
එසේම ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ තැනැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවෙකු (4) හා ගැහැණු දරුවෙකු (3) රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්.

