කුරුණෑගල නගරයේ සහ අවට ජනාකීර්ණ හා හුදෙකලා ප්‍රදේශවල සුඛෝපභෝගී මෝටර් රථයෙන් ගොස් ජිල්බෝල’ භාවිතකර සූක්ෂම ලෙස මත්කුඩු අවුරා ලොකේෂන්වලට මත්කුඩු සහිත ජිල්බෝල ස්ථානගත කර, මත් ලෝලියන්ගෙන් ගිණුමට මුදල් බැර කරගෙන මත්කුඩු අලෙවි කරන ජාවාරමක තොරතුරු පොලිස් බුද්ධි අංශයට ලැබී තිබේ.

එම තොරතුරු මත කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දනය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මාලිංග කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරින් කුඩු ජිලා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. වැහැර ප්‍රදේශයේ පාසලක් සමීපයේ මෝටර් රථයෙන් පැමිණ රැඳී සිටිය දී සැකකටයුතු මොහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී මත්කුඩු ග්‍රෑම් 75ක් සන්තකයේ තිබුණු බවටත් ජිල්බෝල භාවිත කර සූක්ෂම ලෙස මත්කුඩු අසුරා නියමිත ලොකේෂන්වලට ස්ථානගත කිරිම් කර කුඩු ජාවාරමේ යෙදෙන කුඩු ජිලාට වත්තල පදිංචි කාලි නැමැත්තකු මත්කුඩු සපයන බටට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කුඩු ජිලා (40) සුඛෝපභෝගි නිවසක මාසිකට්රු. 60,000ක් ගෙවා කුලීපදනමක් මත සිටින බවත් තිදරු පියකු වන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා භාවිත කරන මෝටර් රථය පොලිසිය භාරයේ තිබෙන බවත් මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරනන බවත් පොලිසිය පැවසීය.

කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතාගේ අවසරය මත දින 7ක් රැඳවුම් නියෝගයන් සිදුකළ පොලිස් විමර්ශනයෙන් පසු අධිකරණයට ඉදිරිපත්කර මහෙස්ත්‍රාත් නියෝග මත මත්කුඩු සම්බන්ධ රස පරික්ෂක වාර්තාව අධිකරණයට වාර්තා වන තෙක් කුඩු ජිලා බන්ධනාගාර කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version