ජාතික ජන බලවේගවේ නාගරික මන්ත‍්‍රීවරියකගේ විදුහල්පති ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමත් සමඟම, පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇද්දැයි යන ගැටලුවද මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මීට පෙර තංගල්ල, මිද්දෙනිය, වීරකැටිය සම්බන්ධයෙන් කතා කළ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විසින් පොදුජන පෙරමුණට චෝදනා එල්ල කළ බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ.

මිද්දෙනිය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වූ ආකාරයටම මොවුන්ට ද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව ද, නමුත් මාලිමාවට සම්බන්ධ කෙනෙක් හසු වූ පසු, දවසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඉන්පසු එය යට ගැසීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

සියලු දෙනාටම එක හා සමානව නීතිය ක‍්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය රකුසා මේ රටෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේග #නාගරිකමන්ත‍්‍රී #විදුහල්පති #මත්ද්‍රව්‍ය #පාසල් #පාර්ලිමේන්තු #නාමල්රාජපක්ෂ #නීතිය #මාලිමාව #මත්ද්‍රව්‍යරකුසා

Share.
Leave A Reply

Exit mobile version