දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සැමරුම අද පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, කොළඹ අලු‍ත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළදීයි.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස ද එක්ව සිටි අතර ඇය එහිදී සංවේදී වූ ආකාරය ද දක්නට ලැබුණා. ‍

ලොකු වැඩ කළ පුංචි මිනිසා‍ ලෙසින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සනිටුහන් කළ ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාසට දිවි අහිමි වුණේ මීට වසර 33කට පෙර එනම් 1993 වසරේ මැයි පළමුවැනිදායි.

Share.
Leave A Reply

Exit mobile version