කැලණිය ගුරුකුල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වූ ප්‍රවීණ රංගවේදිනී දිටංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ ඉකුත් 30 දාට යෙදී තිබූ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ උපහාර උත්සවයක් එදින ගුරුකුල විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පටත්වන ලදී.

මෙම නවීකරණය කරන ලද රංග ශාලාව මාලනී ෆොන්සේකා රංග ශාලාව ලෙස නම් කරමින් එම් රංග ශාලාවේ ස්ථාපිත කරන ලද මාලිනියගේ උඩුකය ප්‍රතිමාට සහ සම්රු ඵලකය විවෘත කිරිම්ද එදින සිදුකරන ලදී.

මාලනී ෆොන්සේකා මහත්මිය ඇය උගත් පාසලත් ඉටුකළ මහා මෙහෙවර අගය කරමින් ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම කටයුත්ත සංවිධානය කර තිබූ අතර ගුරුකුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා සහ එම මහත්මිය, මාලිනී ෆොන්සේකා මහත්මියගේ නැගණිය දමයන්ති ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් සහ ඥාතීන්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රචීන ගායන ශිල්පී විශාරද එඩ්ටඩ් ජයකොඩි, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ශ්‍රියානී මහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ට සිටියහ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රධාන දේශනය කළ අතර විදුහල්පති කුසල ප්‍රනාන්දු මහතා සහ මාලිනියගේ බාල සොයුරිය දමයන්ති ෆොන්සේකා මහත්මියද මෙහිදී අදහස් දැක්වූහ.

Share.
Leave A Reply

Exit mobile version