Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“දෙමලිය – කුඩාඔය අලි නිජබිමේ අක්කර 250 ක්ත පා.ම. චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වෙයි” – සජීව චාමිකර අනාවරණය කරයි.
    උණුසුම් පුවත්

    “දෙමලිය – කුඩාඔය අලි නිජබිමේ අක්කර 250 ක්ත පා.ම. චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වෙයි” – සජීව චාමිකර අනාවරණය කරයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 24, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඩවර වැව ආශ්‍රිත දෙමලිය – කුඩාඔය අලි නිජබිමේ වනාන්තර අක්කර 250 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි කෘෂි ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වන බවට සජීව චාමිකර සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහන පහතින්.

    “මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩවර වැව ආශ්‍රිත වනාන්තර අක්කර 250 ක් කෘෂි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතර බෙදා දීමට ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි සූදානම් වේ. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වන දෙමලිය – වන්දම අලි මංකඩ රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන අතරතුර ඇය විසින් නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මෙම ඉඩම් සියල්ල කඩිනමින් බෙදා දීමට පියවර ගන්නා ලෙස ය.

    දෙමලිය – වන්දම අලි මංකඩ හා සම්බන්ධ කඩවර වැව ආශ්‍රිත මෙම රජයේ වනාන්තර ඉඩම් බෙදා දීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් නිර්මාණය කරමින් මන්ත්‍රිවරිය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ පසුගිය ආණ්ඩු පැවති සමයේ දී ප්‍රදේශයේ දේශපාලඥයන් විසින් ක්‍රියාත්මක කළ ඉඩම් කොල්ලය ම වීම කනගාටුවට කරුණකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති ජගත් පුෂ්පකුමාර විසින් සිදු කළ ආකාරයට ම දැවැන්ත අලි – මිනිස් ගැටුමක් නිර්මාණය කරමින් රජයේ වනාන්තර ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු අතර බෙදා දීමට වර්තමාන රජයේ චතුරි ගංගානි මන්ත්‍රිනිය ද සූදානම් වීමෙන් පෙනී යන්නේ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් සමස්ත දේශපාලන යාන්ත්‍රණය ම හසුරුවන බව ය.

    මෙම වනාන්තර ප්‍රදේශයේ අලි – ඇතුන් 120 ක් පමණ ජීවත් වන අතර මෙම ඉඩම් බෙදා දීම හේතුවෙන් මෙම සතුන් ගේ වාසස්ථාන අහිමි වීමෙන් තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට අලි – ඇතුන් පිවිසීම වර්ධනය වී දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත.

    හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. මෙම වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබේ.

    වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

    දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.

    මෙවන් වූ නීතිමය තත්ත්වයන් යටතේ පාලනය වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් කඩවර වැව ආශ්‍රිත වනාන්තර පද්ධතිය විනාශ කිරීමට නියෝග කිරීමෙන් මන්ත්‍රිනී චතුරි ගංගානි සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීමකි.

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි කිරීම

    වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක් කොටසෙහි මූලධර්ම ලෙස දක්වා ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධති ප්‍රවේශය, පාරිසරික යහපාලනය හා පාරිසරික ආරක්ෂාව යන සංකල්පයන් ය. එපමණක් නොව සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම වැනි සාධනීය කරුණු ගණනාවක් සඳහන් කර තිබේ. එපමණක් නොව මෙහි සඳහන් කර ඇත්තේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව නිසි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය.

    නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි සූදානම් වන්නේ අලි – ඇතුන් පමණක් නොව ප්‍රදේශවාසීන් ව ද දැවැන්ත අනතුරකට ලක් කිරීමට ය. මේ පිටුපස සිටින රජයේ ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණයෙන් වගා කටයුතු සිදු කරන පුද්ගලයන් පිළිබඳ අවබෝධයකින් තොර ව මෙම ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරිය කටයුතු කරන්නේ ද යන්න ගැටළුවකි.

    මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පිළිබඳ ව හා ඉඩම් කොල්ලය පිළිබඳ ව අධ්‍යයනය කරමින් එම තත්ත්වයන් පාලනය කිරීමට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස අප අවධාරණය කරන්නේ දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස කඩිනමින් ප්‍රකාශයට පත් කර කඩවර වැව හා ඒ ආශ්‍රිත සමස්ත වනාන්තර පද්ධතිය සුරක්ෂිත කිරීමෙන් මෙම ප්‍රදේශයේ ක්‍රමිකව වර්ධනය වන අලි – මිනිස් ගැටුම පාලනයට පියවර ගත යුතු බව ය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.