මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි 1’ යන බහුධින ධිවර යාත්‍රාව වන අතර එහි ධීවරයින් 5දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

අදාළ යාත්‍රාව පසුගිය නොවැම්බර් 21 වනදා සිට මෙසේ අතුරුදන්ව ඇති බව ධීවර යාත්‍රාවෙි සිටි ධීවරයන් පස් දෙනාගේ ඥාතින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ 6වනදා අවසන්වරට ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර එදින සිට මේ වනතෙක් තොරතුරක් ලැබී නොමැති බවය.

Share.
Leave A Reply

Exit mobile version