“අද උදෑසන බැංගලෝරයේ දී කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමති සිද්ධාරමයියා මහත්මා හමුවීම අතිශය සතුටුදායක අත්දැකීමක් විය. ඉන්දියාවේ අතිශය ජ්‍යෙෂ්ඨ හා ගෞරවයට පාත්‍ර වූ නායකයෙකු හමුවීම මට විශාල ගෞරවයක් විය.

මෙම හමුවේදී ඉන්දියා–ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා, කර්ණාටකයේ සංවර්ධන හා සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළෙමු. එමෙන්ම ශ්‍රී ලංකාවට මඟපෙන්වීමක් විය හැකි තාක්ෂණය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හොඳ පුරුදු (best practices) පිළිබඳ අදහස්ද හුවමාරු කර ගත්තෙමු.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස කර්ණාටකය තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන යන ආකාරය දැකීම ප්‍රසාදජනක විය.”

Share.
Leave A Reply

Exit mobile version