2022 වසරේ මැයි මස 09 වන දා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට අද දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්තඋලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් සදහන් වී තිබෙනවා.
පාරිසරික නීතිවේදියකු වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ඉදිරීපත් කර තිබුණා.

