නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී  රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු මෙලෙස අද (19) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 36 හැවිරිදි බංගලාදේශ ජාතික ව්‍යාපාරිකයෙක් බව සඳහන් වෙයි.

ඔහු අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 34,000ක් අඩංගු දුම්වැටි කාටූන් 170ක් සගවා ගෙන තිබුණි.

පසුව මේ පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ රේගු පරීක්ෂණයේ දී, මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර, සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇති බව සඳහන් වෙයි.

Share.
Leave A Reply

Exit mobile version