දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා හසලක යහන්ගල කන්ද නායගොස් උඩත්තව නෙළුම්මල ගම්මානයේ 31 දෙනෙකු අතුරුදන් වුණා.
මෙම ව්‍යසනයෙන් සිව් මසක් ගතවීමට ආසන්න වී ඇතත් නෙළුම්මල ගම්මානය හා ඒ අවට ගම්මානවල ජනතාව තවමත් පීඩාවට පත්ව සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පසුගිය වසරේ දෙසම්බර් 27 වැනිදා මහ වැසි මැද හසලක උඩත්තව නෙළුම්මල ගම්මානයේ 31 දෙනෙකු අතුරුදන් වුණේ යහන්ගල කන්ද නාය යාමෙන්. එහි දී නිවාස 14 සම්පූර්ණයෙන් විනාශ වී අක්කර සිය ගණනක කුඹුරු ද මුළුමනින්ම විනාශ වුණා.
මේ ව්‍යසනය සිදු වී සිව් මසක් ගතවීමට ආසන්න වෙද්දී තවමත් නෙළුම්මල ගම්මානය අවට ජනතාව සිය ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා.
නෙළුම්මල ගම්මානය ආසන්නයේ පිහිටා ඇති අඹගහගෙදර, නාරම්පත, අස්වැද්දුම, කෙන්ගොල්ල, මැදකැළේ ආදී ගම්මානවලට තවමත් පවතින අවදානම් තත්ත්වය හමුවේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉවත්වීමේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවයි වර්තා වන්නේ.
කෙසේ වෙතත් ගම්වාසීන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම ගම්මාන ආසන්නයෙන්ම පදිංචිවීමට සුදුසු ඉඩම් ලබා දෙන ලෙසයි.


