බාල ගල් අඟුරු ගෙන්වීමට වත්මන් රජය කටයුතු කිරීම ‘මහ දවල් සිදු වූ මංකොල්ලයක්’ බවත්, එය සාධාරණීකරණය කළ නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.
ඒ අනුව, රුපියලක් හෝ සොරකම් නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට, මෙම සිදුවන සොරකම් ඔහුට නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමට සිදු වන බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පසුගිය ආණ්ඩුවල සොරකම් සිදු වුව ද, මේ ආකාරයෙන් ‘මහ දවාලේ’ සොරකම් කර නොමැති බවද, මෙය මහ බැංකු බැඳුම්කර මංකොල්ලයටත් වඩා දෙතුන් ගුණයකින් වැඩි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

