පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
අය වැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ කාරක සභා විවාදයේදී රාජ්‍ය පාරිපාලන ඇමතිවරයා විසින් යෝජනාකළා විශේෂ තේරීම් කාරක සභා ක්‍රමයක්. ඒක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත්වෙනවා.”

