ප්‍රථම වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසනවා.

එමෙන්ම රජය එම දිනාගත් විශ්වාසය ගොඩ නගා ගැනීමටත් උත්සාහ ගනිමින් සිටින බවයි ඇය සඳහන් කරන්නේ.

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා ප්‍රකාශ කළේ .

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඇය සඳහන් කළේ තමන් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉතා සතුටට පත් වන බවයි.

ශ්‍රි ලංකාව අර්බුදයකට පත්ව සිටි දිනවලත් දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඇය සඳහන් කළේ.

එම  ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකා ජනතාවටත් ඇය උණුසුම් සුබපැතුම් පිරිනැමුවා.

තමන් මීට පෙර මානුෂවාදී කොමසාරිස්වරියක් ලෙස ස්භාවික විපත් හා ගැටුම්වලින් විනාශයට පත් වූ ස්ථාන බොහෝමයක සංචාරය කර තිබෙනවා.

එහෙත් ශ්‍රී ලංකාව අතිශ්‍යයින්ම විශිෂ්ඨ ගණයේ ජනතාවක් සිටින රටක් බවයි ඒ මත්මිය සඳහන් කළේ.

දැඩි වේදන්වක් ඇති වූ මොහොතක පවා එකට එක්වී අනාගතය ගැන සිතීම ඉතා වැදගත් ප්‍රවණතාවක් බවයි ජෝර්ජියේවා මහත්මිය සඳහන් කළේ.

රජයත් මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඉතා කඩිනමින් හා තීරණත්මක ලෙස කටයුතු කර තිබූ ආකාර තමා පුදුමයට පත් කළ බව ඇය මෙහිදී සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෙස ඩොලර් මිලියන 200 කට අධික මූල්‍ය සහනයක් ලබාදීමට ද හැකි වූ බවයි  කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළේ.

පසුගිය දශකයේදී ශ්‍රී ලංකාව දැඩි අභියෝග රැසකට මුහුණ දුන්නා.

සිවිල් යුද්ධය ,ත්‍රස්ත ප්‍රහාර,  වසංගත සහ ජනතා අපේක්ෂාවන් සම්පූර්ණ නොවීමෙන් ඇති වූ අරගල මේ අතර වනවා.

එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවට දැවැන් අවස්ථා රැසක් උදාවී ඇති බවයි ජෝර්ජියේවා මහත්මිය සඳහන් කළේ.

තමාගේ අත්දැකීම්වලට අනුව කටි කාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරතාව සහ මූල්‍ය ස්ථාවරතාව යලි ගොඩනගාගෙන තිබෙනවා.

සියයට 70 ක් පැවති උද්දමනය වර්තමානයේදී සියයට 2 දක්වා පහත වැටිලා.

ආර්ථික වර්ධනය සෘණාත්මකව තිබුණත් දැන් එය සියයට 05 ක් පමණ ධනාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා.

රාජ්‍ය සේවාව පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ පැවතිය යුතුයි යන්න වත්මන් රජයේ ප්‍රමුක අදහසක්.

එනම් දූෂණය තුරන් කළ යුතු බවයි රජයේ අපේක්ෂාව වී ඇත්තේ.

මේ නිසාම රජය දූෂණය තුරන් කිරීමට අපගේ සහාය ඉල්ලා සිටිනවා.

දූෂණ පාලන ඇගයීමක් අපෙන් ඉල්ලූ දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවයි ඇය සඳහන් කළේ.

එමෙන්ම ජනාධිපතිවරයා සහ රජයේ සාමාජිකයන් තුළ ජනතාවගේ සුබසාධනය පිළිබඳ සැබෑ උනන්දුවක් තමන් නිරීක්ෂණය කළ බව ද සඳහන් කළා

Share.
Leave A Reply

Exit mobile version