අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම කර තිඛෙනවා.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04 ක සේවකයින් සදහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යානුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර, ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමක් පත් කර, ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක මුදලක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අල්ලස්කොමිසම #ප්‍රසන්නරණතුංග #කොළඹඅධිකරණය #අධිකරණය #ඇප #නීති #ශ්‍රීලංකා #චෝදනා #සමාජය #නීතිමය

Share.
Leave A Reply

Exit mobile version