2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 7ක් සපිරීමට සමගාමීව වින්දිතයන් සැමරීමේ වැඩසටහනක් අද (21) පැවැත්වෙන බව ජාතික කතෝලික සභාව පවසනවා.

ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන සැමරුම අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදෙස් තානාපතිවරුන්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද එක්වීමට නියමිතයි.

මීට අමතරව සෑම දේවස්ථානයකම පෙරවරු 8. 45 ට මළවුන්ගේ සීනුව නාද කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ඇති.

පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාඥා මෙහෙයන්ද සෑම දේවස්ථානයකම සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, මීගමුව – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30 ට දිව්‍ය පූජාවක් පවත්වා සිහිවටන ස්මාරකය අසළදී ඉටිපහන් දැල්වීමක් සිදුකෙරෙනවා.

මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තෙන් යැදුම් පාගමනක්ද සංවිධාන කර ඇති අතර එය පස්වරු 4 ට මාරිස්ටෙලා විදුහල් ක්‍රිඩාංගණයෙන් ආරම්භ වී කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.

එමෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන ප්‍රධාන දේව මෙහෙයට සමගාමීව අද උදෑසන 7.00 සිට එම කටයුතු අවසන් වනතෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය නිවේදනය කළේ.

#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version