පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතන 134 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් එකිකෙන ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පැදිකරුවෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version