මේ වන විට ගල් අගුරු තුළින් විදුලි උත්පාදනයේදී මතුව ඇති අකාර්යක්ෂමතා හේතුවෙන් දෛනිකට මතුව ඇති
මේගාවොට් එකසිය පනහක තරම් වන හිඟය පියවා ගැනීමට ඩීසල් සහ දැවි තෙල් භාවිතා කිරීමත් ඊට අදාළ වන ගෙවීම් සඳහා ප්‍රමුඛතාවය ලබාදීමත් හේතුවෙන් පුනර්ජනනීය බල ශක්තිය සඳහා වන ගෙවීම පමා කර ඇති බවත් එබැවින් මෙම අවදානම් තත්ත්වය උදාවී ඇති බවත් පුනර්ජනනීය බල ශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උප සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කරයි
මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන මිල ඉහළ යෑම නිසා තාප විදුලි උත්පාදනය කිරීමේ පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති බවත් එහි අගය ඒකකයට රුපියල් දහයකට ආසන්න හෝ ඊට වැඩි අගයක් බවත් හෙතෙම කීවේය. එබැවින්, පුනර්ජනනීය බල ශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් හෙතෙම පැවසීය.
වහල මත සවි කරන සූර්ය පැනල හැර දිවයින පුරා ස්ථාපිත කර ඇති පොළොව මත ඉදිකර ඇති සූර්ය විදුලි බලාගාර, කුඩා ජල විදුලි බලාගාර, සුළං සහ ජීව ස්කන්ධ බලශක්ති බලාගාර මේ අනුව බලපෑමට ලක්ව ඇති බවත් එවැනි ආකාරයේ බලාගාර 389 ක් ඇති බවත් එමගින් උත්පාදිත ධාරිතාවය මේ ගිගාවොට් 1073.9 ක් බවත් ඔහු කීවේය.
මෙම තත්ත්වය තුළ පුනර්ජනනීය බලශක්ති බලාගාර හිමියන්ට බැංකු ණය ගෙවීම් ඇතුළු මුල්‍ය බැඳීම් පැහැර හැරීමේ අවදානම්, ජිවනෝපාය කඩා වැටීමේ අවදානම්. බලශක්ති හිඟයක් ඇති වීමේ අවදානම්, ආයෝජක විශ්වාසය බිඳ වැටීමේ අවදානම, පුනර්ජනනීය බලශක්ති අංශය අඩපණ කිරීමේ අවදානම් වැනි ගැටලු රැසක් මතු වන බවත් එම තත්ත්වය මඟහරවා ගැනීමට ආණ්ඩුව කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතුව ඇති බවත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උප සභාපති ප්‍රහාත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාරිය බී. එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ මුදල් ගෙවීමේ ප්‍රමාදයක් ඇති බවත් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම ගැටලුව විසඳීම් සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
මූලාශ්‍රය-දිවයින ජාතික පුවත්පත

