වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මේ සම්බන්ධව ඊයේ (28) වෙන්නප්පුව පොලිස් ස්ථානයට පණිවිඩයක්ද ලැබී ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
අතුරුදන් වූ තරුණිය වයස අවුරුදු 17ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවය.
පසුව ඇය බේරා ගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන ඇති බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් විසින් තරුණයා බේරා ගෙන ඇති අතර තරුණිය දියේ ගසා ගෙන ගොස් ඇත.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

