පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයට හසු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක අධ්‍යයන කටයුතු එළැඹෙන 29 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසනවා.

ඒ අනුව කෘෂිකර්ම සහ පශූ වෛද්‍ය පීඨ දෙක එදින විවෘත කිරීමට නියමිතයි.

කළමනාකරණ පීඨය එළැඹෙන ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුලදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද උපකුලපතිවරයා පවසා තිබෙනවා.

කෘෂිකර්ම පීඨයේ සිසුන් 1300 දෙනෙකු අධ්‍යයනය කරන බවත් කළමනාකරණ පීඨයේ සිසුන් 800ක් අධ්‍යයනය කරන බවත් පශු වෛද්‍ය පීඨයේ සිසුන් 600ක් අධ්‍යයනය කරන බවත් මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කරනවා.

මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සිසුන් සඳහා සිසු නේවාසිකාගාරද ලබාදීමට කටයුතු කරන අතර ගංවතුරට හසු වූ සිසු නේවාසිකාගාරද දැන් පිළිසකර කරමින් පවතින බවයි.

Share.
Leave A Reply

Exit mobile version