ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලු දෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.
ඒ අනුව, අද (31) පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තමාට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
කණ්ඩායම් කිහිපයකින් සිය ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවද, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බවට පොලිස්පතිවරයා සඳහන් කළ බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, තමාට සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා ඇති බවට පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටි බවත්, එහිදී එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ආරක්ෂාව #පොලිස්පති #කථානායක #මාධ්‍ය #පාර්ලිමේන්තුව #ජීවිතය #තර්ජන #සංවිධානාත්මකඅපරාධ #විපක්ෂනායක #ජගත්විතාන


