සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන වැඩසටහන් නොපැවැත්වීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දී සිටිනවා.

ඒ අනුව, පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබූ “පොලිස්පති සහන දිනය” නොපැවැත්වෙන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

මීට අමතරව, අනිද්දා (17) දින පැවැත්වීමට නියමිතව තිබූ “පොලිස්පති මහජන සහන දිනය” ද උත්සව සමය නිමිත්තෙන් එදිනට නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

Share.
Leave A Reply

Exit mobile version