ඊයේ (16) රාත්‍රී බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල ත්‍රීමයිල් මාර්ගයේ උතුරු කැබිල්ලවෙල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල දෙස සිට ත්‍රීමයිල් මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු බණ්ඩාරවෙල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිකරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු අවුරුදු 22 ක් වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්මශන සිදු කරනු ලබයි.

