2015 වර්ෂයේ දී බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ චූදිතයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා වසර 24 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම් කරන ලදි.

මේ ලෙස බරපතළ සිර දඬුවම් නියම වූයේ ඇතිමලේ 70 හනිඳිය බිල්ඩිං කොටස පදිංචි දහම් පාසල් ගුරුවරයකුටය. 2015 වර්ෂයේ දිනයක දී සැකකරු විසින් දැනට අවුරුදු දාසයක් වන පිරිමි දරුවකු බයිසිකලයක නංවාගෙන වැව් ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් කැලෑවක් තුළ දී අතවර සිදුකර තිබිණි.

සිද්ධිය පිළිබඳව මොනරාගල මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා දෙකකට වරද කරු කරමින් ඔහුට එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24 ක බරපතළ සිර දඬුවම් නියම කොට එය වසර දොළහකින් ගෙවී යන ලෙස නියම් කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ ද අතවරයට පත් වූ දරුවාට ලක්ෂ පහ බැගින් වන්දි ගෙවන ලෙසත් නියෝග කෙරිණි. දඩය නොගෙවන්නේ නම් ඊට වසරක ලිහිල් සිර දඬුවම් ද, වන්දි මුදල් නොගවන්නේ නම් ඊට වසර තුනක ලිහිල් දඬුවම් ද නියම කරන ලදි.

Share.
Leave A Reply

Exit mobile version