බැංකු අය කරන පොලි සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නොහැකි බව මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් අසාධාරණ ලෙස පොලී අනුපාත අය කරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත් වීමේ හැකියාව පවතින බවද මහ බැංකුව පවසයි.

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමත් කරයි. එවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1935 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ද නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මහබැංකුව #පොලීඅනුපාත #බැංකුඅය #පාරිභෝගිකආරක්ෂණ #අසාධාරණපොලී #ශ්‍රීලංකා #මූල්‍යආයතන #පැමිණිලි #පොලිසම්බන්ධය #නියෝග

Share.
Leave A Reply

Exit mobile version