බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර පවසනවා.
අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
මේ අතර ගිය වසරට වඩා මෙම වසරේ මාර්ග අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර,
“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා. නමුත් බරපතල අනතුරු සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව නොසැලකිල්ල, අනවධානය වගේ හේතු. දෛනික මාරක අනතුරු අධ්‍යනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ පදිකයෝ. පදිකයෝ 31%ක් වාර්ෂිකව අනතුරුවලට භාජනය වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි මේ ගැන. වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අයගේ මත්ද්‍රව්‍ය සහ බීමත්කම මේකට හේතු වෙනවා. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න පොලිස්පතිවරයා උපදෙස් දීලා තිබෙනවා.”

