Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මරණ දඬුවම ලැබුණත්ආනන්තරීය පාපයෙන් ගැලවෙන්න බෑ.- මව මැරූ පුතුට දඬුවම දෙමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත කියයි.
    උණුසුම් පුවත්

    මරණ දඬුවම ලැබුණත්ආනන්තරීය පාපයෙන් ගැලවෙන්න බෑ.- මව මැරූ පුතුට දඬුවම දෙමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත කියයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 30, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්තමහතා මෙසේ පැවැසුවේ. ඉඩම් ආරවුලක් පදනම් කරගෙන තම මව ගෙල සිර කර මරා දැමූ බවට මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකාර පුතකු එකී චෝදනාවට වරදකරු කරමිනි.

    ඒ අනුව ඉඩම් ආරවුලක් ඇති කරගෙන බහින් බස් වීම් ඉක්මවා යමින් තදබල ගැටුමක් දක්වා ගෙන ගොස් ගෙල සිර කර තම මව මරා දැමූ බවට බළපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර පුතා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්තමහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.

    ගෙල සිර කර තම මව ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවද ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවකදී වැලිකඩ සිරගෙදරදී බිත්ති හතර ඇතුළත විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා තබා මරා දමන ලෙසට තමා නියෝග කරන බවද කීවේය. විත්තිකරුට මරණීය දණ්ඩනය නියම නොකළ යුතු බවට කිසිවත් කීමට ඇත්දැයි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර පුභාගෙන් විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර පුතා ප්‍රකාශ කළේ, “මට කියන්න තියෙන්නෙ, මගෙ අම්මට මම ගොඩක් ආදරෙයි. මම් හදා වඩා ගත් අම්මට මම් ගොඩක් ආදරෙයි. අත පය නොකඩා කිරි දීලා මාව හදා ගත් අම්මට මම ගොඩක් ආදරෙයි” යනුවෙනි. එහිදී මහාධිකරණ විනිසුරුවරයා යළි විත්තිකරුගෙන් විමසා සිටියේ තමා කුමන ආගමේද යන්නයි. තමන් බෞද්ධාගමිකයකු බව විත්තිකරු එහිදී කීවේය.

    චිත්තිකාර පුතාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප්‍රකාශ කළේ, මවකට ආදරය කළ යුත්තේ ජීවත්ව සිටින කාලය තුළදී මිස ඝාතනය කිමෙන් අනතුරුව නොවන බවයි. බෞද්ධ ඉගැන්වීමට අනුව මව ඝාතනය කීරීම ආනන්තරීය පාප කර්මයක් ලෙස සැලකෙන බව ද අවධාරණය කළ මහාධිකරණ විනිසුරුවරයා මව ඝාතනය කිරීමේ වරදට නීතියෙන් හිමිවන දඬුවමට අමතරව විත්තිකරුට අනිටු විපාකවලට මුහුණදීමට සිදුවන බවට සිහි තබා ගතයුතු බවද කියා සිටියේය.මව සහ විත්තිකාර පුතා අතර හටගත් බව කියන ආරවුල විත්තිකාර පුතා විසින්ම ඇති කර ගන්නා ලද ඉඩම් සම්බන්ධ ආරවුලක් මිස එය කිසිසේත්ම මරණකාර මට විසින් ආරම්භ කරන ලද්දක් නොවන බව අධිකරණ නඩු විභාගයේදී සාක්ෂි මඟින් අනාවරණ වී ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා පැවැසීය.

    තම මව ඝාතනය කීරීමේ වරදට මෙලෙස මරණ දඬුවම නියම වූයේ මිටියාගොඩ, තෙල්වත්ත, මැටිවල පදිංචි පිටිහල ලියනගේ පැරකුම් පෙරේරා නමැත්තකුටය. 2017 වසරේ සැප්තැම්බර් මස 27 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බළපිටිය මහාධිකරණ බල ප්‍රදේශයට අයත්, මැටිවලදී තම මව වන සීලවතී අබේවික්‍රම යන අය ගෙල සිර කර මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැහි වහන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහිව බළපිටිය
    මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට තිබණේ. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක මෙනෙවිය පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතීඥ උදාර කෞශල්‍ය මහතා පෙනී සිටියේය. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය

    සඳහා බළපිටිය මහාධිකරණයට යොමු කොට තිබිණි. මීටියාගොඩ පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.