මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු විමශර්න කටයුතු සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කායර්‍යාලයේ දී අද (03) පැවති වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශය හරහා ද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවයි.
චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත් ද යන්න සෙවීම
පරීක්ෂණවලින් සිදුකරන බවත්, එසේ සිදුව නොමැති නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රණයක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව පවතින බව වැඩිදුරටත් පැවසුවා.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

