ආණ්ඩුව විවේචනය කිරිමට හා අඩුපාඩු පෙන්වාදීමට මාධ්‍යයට හැකියාව පැවතිය ද විකෘති තොරතුරු හා බොරු තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ක්‍රියාකිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා නිලධාරීන් සදහා ලැප්ටොප් පරිගනක ලබාදිමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කළුතර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ද මෙහිදි පැවැත්වුණා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් ඊට එක්වුණා. අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

