ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඡන්ද 4කින් පරාජයට පත්ව තිබේ.

එහිදී අයවැය විවාදය අතරතුර වතුකරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.

ඒ අනුව අයවැය සඳහා පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ලෙස ප්‍රකාශ වී තිබුණි.

පක්ෂව ඡන්දය ලබාදීමේ දී සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනාම ඡන්දය භාවිත කළ අතර, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සර්වජන බලය හා ස්වාධීන මන්ත්‍රීවරු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේගය #අයවැය2026 #ප්‍රාදේශීයසභාව #ඡන්දය #වතුකරය #පක්ෂව #විපක්ෂව #ජාතිකපක්ෂය #පොදුජනපෙරමුණ #ප්‍රජාතන්ත්‍රවාදී #ස්වාධීනමන්ත්‍රීවරු

Share.
Leave A Reply

Exit mobile version