මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු විසින් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගන්වනු ලැබූවා
පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතාත්, සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතාත්, ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever මහතාත්, වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමාත්, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතාත්, කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතාත් මෙලෙස සිය අක්තපත්‍ර භාර දුන් අතර ඔවුන් සියලු දෙනා වෙත උණුසුම් සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට ජනපතිතුමන් ආරාධනා කර සිටියා.

Share.
Leave A Reply

Exit mobile version