මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ, සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා.

ඒ අනුව, මෙරටින් වසරකට සුනඛ සපාකෑම් 250,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි එහි විධායක කමිටු සාමාජිකා චම්පා ප්‍රනාන්දු සඳහන් කළේ.

වීථි සුනඛයින් ලක්ෂ 20-30 ක් අතර සංඛ්‍යාවක් ලංකාව තුළ සිටින බවත්, මෙරට පුද්ගලයින් 08 කට එක් සුනඛයෙක් ලෙස වන්ධ්‍යාකරණ වැඩසටහන්වල දී ගණනය කිරීමට ලක් කර ඇති බව සත්ත්ව සුබසාධක සංගමයේ විධායක සාමාජික ගිහාන් දිනුෂ්ක ප්‍රකාශ කළා.

වීථි සුනඛ ගහනය වැඩිවීමෙන්, රිය අනතුරු වැඩිවීම, සුනඛ සපාකෑම් වැඩිවීම හා ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීම සිදුවන බවත්, රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාවට නැංවිය යුතු බවද මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් චම්පා ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සුනඛ #සපාකෑම් #සත්ත්වසුබසාධක #වන්ධ්‍යාකරණ #රියඅනතුරු #ජලභීතිකා #සමාජය #පාරිසරිකඅවධානය #මහනුවර #සුරක්ෂිතත්වය

Share.
Leave A Reply

Exit mobile version