Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මෙරට Starlink සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණයි
    උණුසුම් පුවත්

    මෙරට Starlink සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණයි

    KanchanaBy KanchanaJune 3, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

    මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

    මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

    එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

    මෙම හමුව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් ද සහභාගී විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Kanchana

    Related Posts

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්‍ෂ 60…

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.