කොළඹ – ශ්‍රී ලංකා- Newsforce.lk බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වූ කෙසෙල්ගමු ඔයට අසලට පෙරළී ගොස් තිබේ.
අනතුරින් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අද (17) උදෑසන 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුව ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේදීය.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර රථයේ සිටි රියදුරා මාර්ගයෙන් ඉවතට පැමිණ අනතුර සම්බන්ධව බගවන්තලාව පොලීසිය වෙත දැනුවත් කිරීමක් කර තිබේ.
අනතුරින් මියගිය පුද්ගලයා සහ තුවාල ලබා සිටි තිදෙනා මෝටර් රථය තුළ සිරවී සිටි පැවින් පසුව අවට වතු කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන්ට පිටතට ගැනීමට කටයුතු කර ඇත.
