Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් අභියාචනාධිකරණය ඉල්ලයි.
    උණුසුම් පුවත්

    යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් අභියාචනාධිකරණය ඉල්ලයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 27, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට නියම කළා.

    යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ වෛද්‍යවරියක ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

    පෙත්සමේ නීතිඥවරයා කියා සිටියේ යාපනය ප්‍රදේශයේ සිදුවන විවෘත කසල දහනය හේතුවෙන් දැඩි වායු දූෂණයක් සිදු වන බවයි.

    දකුණු ඉන්දියාව වෙතින් සුළග මාර්ගයෙන් ඇදී එන අපද්‍රව්‍ය හේතුවෙන් ද ප්‍රදේශයේ විශාල වායු දූෂණයක් සිදූවූ බවත් ඔහු පෙන්වා දුන්නා.

    ඊට අදාළ වාර්තා ද ඔහු ඉදිරිපත් කළා.

    කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන තිබෙන පියවර පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යාපනය මහ නගර සභාවට සහ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා.

    මෙවැනි ගැටළු රාජ්‍ය ආයතන එක්ව සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව තිබෙන බවයි සභාපති විනිසුරුවරයා මෙහිදි පෙන්වා දුන්නේ.

    මේ අතර 2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව පවසමින් තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

    මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(27) විභාගයට ගත්තා.

    පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා කැඳවීමට නියම කෙරුණා.

    අනුර ප්‍රියදර්ශනය යාපා / ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හත දෙනෙකුට එරෙහිව චෝදනා 05 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

    ඉකුත්දා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන “කෙසෙල්වත්ත දිනූෂ” නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වාර්තාවක් කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

    එහිදී දැනුම් දුන්නේ අදාළ සැකකරු දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවයි.

    ඒ අනුව මිනීමැරුම්, කොල්ලකෑම් සහ තුවාල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් අටක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

    මෙම පැමිණිල්ල පෙබරවාරිමස 14 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.