යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට නියම කළා.
යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ වෛද්‍යවරියක ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සමේ නීතිඥවරයා කියා සිටියේ යාපනය ප්‍රදේශයේ සිදුවන විවෘත කසල දහනය හේතුවෙන් දැඩි වායු දූෂණයක් සිදු වන බවයි.
දකුණු ඉන්දියාව වෙතින් සුළග මාර්ගයෙන් ඇදී එන අපද්‍රව්‍ය හේතුවෙන් ද ප්‍රදේශයේ විශාල වායු දූෂණයක් සිදූවූ බවත් ඔහු පෙන්වා දුන්නා.
ඊට අදාළ වාර්තා ද ඔහු ඉදිරිපත් කළා.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන තිබෙන පියවර පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යාපනය මහ නගර සභාවට සහ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා.
මෙවැනි ගැටළු රාජ්‍ය ආයතන එක්ව සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව තිබෙන බවයි සභාපති විනිසුරුවරයා මෙහිදි පෙන්වා දුන්නේ.
මේ අතර 2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව පවසමින් තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(27) විභාගයට ගත්තා.
පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා කැඳවීමට නියම කෙරුණා.
අනුර ප්‍රියදර්ශනය යාපා / ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හත දෙනෙකුට එරෙහිව චෝදනා 05 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.
ඉකුත්දා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන “කෙසෙල්වත්ත දිනූෂ” නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වාර්තාවක් කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී දැනුම් දුන්නේ අදාළ සැකකරු දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවයි.
ඒ අනුව මිනීමැරුම්, කොල්ලකෑම් සහ තුවාල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් අටක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
මෙම පැමිණිල්ල පෙබරවාරිමස 14 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.

