Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට සියලු දෙනා වගකීම් ඉටු කරමු – ජනපති.
    උණුසුම් පුවත්

    රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට සියලු දෙනා වගකීම් ඉටු කරමු – ජනපති.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 6, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනගන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමින්.

    රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

    දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශ මගින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම ඉලක්ක කර ගනිමින් “විෂ මතින් තොර රටක් – සතුට පිරි හෙටක්” තේමාව යටතේ “ඉවත් වෙනු – රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කළා.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන්ට එරෙහිව දැවැන්ත සමාජ බලපෑමක් සහ පීඩනයක් ගොඩනැගීමටත්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය සඳහාත් රජය, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ සියලු පුරවැසියන් ඒකාබද්ධ වූ ජාතික පෙරමුණක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

    විෂ මත්ද්‍රව්‍යවලට අදාළව මේ වන විට සිදු කෙරෙන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට කැප වී කටයුතු කරන සියලු ආයතන, නිලධාරින් සහ ජනතාවට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළා.

    2025.01.01 සිට 2026.01.05 දක්වා කාලය තුළ, හෙරොයින් 1821.174kgක්, අයිස් 3865.710kgක්, ගංජා 17189.377kgක්, කොකේන් 38.958kgක්, මත්පෙති සහ මත් කරල් 4,049,569ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහිදී අනාවරණය කෙරුණා.

    පසුගිය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී කමිටුවේ අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නා.

    එමෙන්ම, දැනට අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කළා.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජයීය තොරතුරු හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා.

    මෙම ජාතික වැඩසටහන පුළුල්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ කලා සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කළා.

    එමෙන්ම, ගම සහ ආගමික සිද්ධස්ථාන අතර ඇති සබැඳියාව භාවිතයට ගනිමින් ආගමික නායකයන්ගේ දායකත්වය ඇතිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්ක්‍රම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.